මහා සිනමාකරු මහා පරිසර සංහාරයක…! දේශපාලන හයියෙන් කුඹුරු යායක් ගොඩකරලා..!

September 14, 2023 at 3:13 pm | by emanisa.lk

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකට විරුද්ධව කුඹුරු ඉඩම්, තෙත් බිම් කලාප ගොඩක කිරීමට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.ෙ

ඒ, පසුගියදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසික සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍ර‍වීණ සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක කියා සිටියේ තමන්, තමන්ට අයිති කුඹුරු භූමියේ මත්ස්‍ය වගාව සඳහා පොකුණක් ඉදිකර ඇති බවත් තවත් කොටසක ගොඩ වගාව කරන බවත්, පොකුණ වටා කොස්, අඹ වැනි ස්ථිර බෝග වගා කර ඇති බවත්, ඒවා දැන් ඵල දරන මහ ගස් බවත්ය. තමන් එසේ කරන්නේ ගොවිජන සේවා නිලධාරීන්ගේ නීතිමය අවසරය සහ උපදෙස් සහිතව බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශකළේය.

එහිදී කරුණු දැක්වූ බෝගහවත්ත එකමුතු ගොවි සමිතියේ හිටපු සභාපතිවරයෙකු කියාසිටියේ, ආචාර්ය සෝමරත්න දිසානායක මහතා මේ වැඩය පටන් ගත්තේ කිසිදු අවසරයකින් තොරව බවත්, එවකට ගොවි සමිති සභාපතියේ සභාපතිවරයා ලෙස තමන් මෙයට විරුද්ධ වුණු බවත්ය. ඒ කිසිවක් ගණන් නොගෙන සිය දේශපාලන ශක්තිය සහ සිනමාකරුවෙක් ලෙස ගොඩනගාගෙන ඇති කීර්තිය පාවිච්චි කර අනීතික ලෙස ඔහු මේ විනාශය සිදු කිරීම පටක්ගත් බවයි.

ගොවියන්ගේ විරෝධතාවය නොතකා මහරගම ගොවිජන සේවා නිල නිලධාරිනියන්ගේ සහාය ඇතිව පසුව ගොඩ වගාව සඳහා අවසර ගෙන මේ විනාශය තවදුරටත් මෙම කුඹුරු යායට සිදු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු අනුගමනය කරන තවත් පිරිසක්ද මේ පහත් තෙත්බ්ම් ගොවිම විනිශකිරීම කරගෙන යන බවත්, පාරට ආසන්නව ඇති කුඹුරු පර්චස් පහ දහය දැනටමත් විකුණා ඇති බවත් පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධ සම්බන්ධයෙන් 2016 වසරේ සිට ගම්වැසියන් ප්‍රජාසංවිධාන, වගකිවයුතු නිලධාරීන්ට ලිඛිතව පැමිණිලි කළාටත් කිසිදු සාධාරණ ප්‍රතිචාරයක්යක් ඔවුන් නොදැක්වූ බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් චෝදනා කල අතර නිදහස් අධ්‍යාපනය තුලින් රාජ්‍ය සේවයට පැමිනි පුද්ගයන් මේසේ කිරීම ගැන කනගාටුවෙන බවද කියා සිටියේය.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය භාර ගොවිජන සේවා සහකාර කොමසාරිස් පදිදු එම්. වික්‍රමරත්න
මහතා කියා සිටියේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාට ගොවිජනසේවා වේ නිලධාරීන්ගෙන් නිසි පරිදි ලිඛිත අවසරයක් ලැබී ඇත්නම් ඉදිරි දින 14 ඇතුලත එම අවසර පත්‍රය තමන්ට ඉදිරිපත් කරන ලෙසය. ඒසේ ඉදිරිපත් නොකරන්නේ නම් නිත්‍යානුකූලව ඔහුට විරුද්ධව කටයුතු කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කියා සිටියේ, මේ සිදුවීම් අවුරුදු ගණනාවක්ට පෙර සිදු වූ ඒවා බවත් ඒ සම්බන්ධයෙන් වූ ලියැවිලි තමන් සතුව දැන් නැති බවත් ඒවා කුරුණෑගල තම නිවසේ “ස්ටෝස්වල” තිබියහැකි බවත්ය.

ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පාරාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට මේ සම්බන්ධයෙන් ගොනු කළ ලිපියක් ගැන ද ප්‍රදේශවාසීන්ගේ අප්‍රසාදය මෙහි දී පළ විය. එම ලිපියේ ලියා ඇති ඡේද අටම රටේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් මුළා කිරීම සඳහා හිතාමතා ලියා ඇති බොරු ලියවිල්ලක් බව ප්‍රදේශවාසීන්ගේ චෝදනාවට ලක්විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සෝමරත්න මහතා බෝගහවත්ත සීමාවේ ඇති කුඹුරු බිම්වලට යාමට අඩි 12ක ක් පළල ටැක්ටර් පැන්නුමක් වශ්‍ය බව කියාසිටියේය . එහිදී අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කියා සිටියේය වසර ගණනාවක සිට මෙම කුඹුරු යායට ටැක්ටර් සහ වෙනත් තාක්ෂණික උපකරණ ගෙන ආවේ කුඹුරු යාය මැදින් ඇති මහ ඇළ ඉවුර ට සමාන්තරව ඇති අඩි පහළොවකට සමාන ඉඩක් සහිත “කෙත් මාවත, දිගේ බවය.

ඇළවේලි කඩා කුඹුරු විනාසකර, ඒවායේ වගාකළ නොහැකියයි කියමින් ගොඩකිරීමට උපක්‍රම යොදන දෙකන්නක් උල්පත් ජලයෙන් වගා කළ හැකි කුඹුරු වගා නොකරන මෙවැනි පුද්ගලයෝ රටට බරක් බව කී ප්‍රදේශවාසීන්, මොවුන් විසින් තිබුණු ගොවි සමිතියේ බලය අනීතිකව අල්ලාගෙන ඇති බවට චෝදනා තිබෙන බවත් පෙන්නුම් කළේය. ගොවි සමිතිය දැන් ගමේ අය හඳුන්වන්නේ ගොඩකරන්නන්ගේ සමිතියක් ලෙසින් බව කිව්වේ සභාව ද සිනා ගස්වමිනි.

එහිදී කතා කළ කොළඹ දිස්ත්‍රික් භාර සහකාර කොමසාරිස්තුමා තමා විසින් කරන ලද ස්ථානීය පරීක්ෂණයකදී ලබාගත් තොරතුරු, තවත් කොමසාරිස්වරුන් සමග පරීක්ෂාකර බලා අඩි 15 ක පමණ කෙත් මාවතක්, තිබේදී කුඹුරු බිමට යාමට අඩි 12 ක ටැක්ටර් පැන්නුමක් අවශ්‍ය නොවන බව පෙන්නුම් කර දුන්නේය. ඒ බව පසුගිය එනම් 2023. 07. 27 දින පැවැත්වූ මහරගම ප්‍රාදේශීය සමබන්දීකරන කමිට රැස්වීමේදී ප්‍රකාශ කළ බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස