වැසි සමග ජල විදුලි නිෂ්පාදනය ඉහළට…!

September 10, 2023 at 5:52 pm | by emanisa.lk

ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසයි.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමූ බවත් ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවත් හෙතෙම කීය.

ජලාශවල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බව කී රොහාන් සෙනෙවිරත්න, පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම ඉතාමත් පරිස්සමට කළ යුතු කාර්යක් බවත් ප්‍රකාශ කළේය.

ඉදිරි දිනවල වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බව හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *