පිරමීඩ ජාවාරම්කරුගේ කෝටි 62ක දේපළ තහනම්…!

September 5, 2023 at 3:43 pm | by emanisa.lk

නීති විරෝධී පිරමීඩ ජාවාරම්වල නිරත වූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරණය ඊයේ (04) නියෝගයක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ටය.

ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අය මෙම ඉඩම් 20 ම සිය බිරිඳ සහ ඥාතීන් වෙත එකම දිනයකදී පැවරීම සිදුකර සිය වංචාව සැඟවීමට උත්සාහ දරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *