අපි මේ රටේ ධනය දූපත්වල ආයෝජනය කරන්නේ නෑ…! – සජිත්..

September 5, 2023 at 8:50 am | by emanisa.lk

තමන්ගේ පක්ෂය දූපත්වල ආයෝජනය නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමන් ආයෝජනය කරන්නේ මේ රටේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට පමණක් බවයි ඔහු අවධාරණය කළේ.

“සංවර්ධනය ගැන මුදල් හොයාගන්න ක්‍රමවේදය ගැන කලබල වෙන්න එපා. ඒක මගේ වගකීමක්. කවුරු මොන සමාජවාදය ගැන කතා කරත් ලංකාවේ මුදලට විකිණෙන පක්ෂය මොකද්ද කියන එක අද පෙර පාසල් දරුවා හිටන් දන්නවා.

අපි දූපත්වල, විදේශීය සමාගම්වල, ගජමිතුරන්ගේ ව්‍යාපාරවල ආයෝජනය කරලා නෑ. එහෙම ආයෝජනයක් කරන්නේ නෑ. අපි ආයෝජනය කරනවා, මේ රටේ ගොවි ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *