අනවසර විදුලි රැහැනේ ගැටී මාලිමා අපේක්ෂකයා මරුට..!

September 4, 2023 at 9:22 am | by emanisa.lk

තම එළවලු වගාව ආරක්ෂා කරගැනීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ, ජාතික ජන බලවේගයේ විධායක සභික, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා මරුමුවට පත්ව තිබේ.

නුවර එළිය ශාන්තිපුර පදිංචි 62 හැවිරිදි එක්දරු පියෙකු වන හෙතෙම 2023 පළාත් සභා මැතිවරණයේ දී නුවරඑළිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදීමට නාමයෝජනා භාරදී තිබුණු අතර ප්‍රාදේශීය සභා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය.

මයිකල් ඇකියුලස් තම එළවලු වගාවට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා තම නිවසේ විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක ආධාරයෙන් සෘජුවම විදුලි සැපයුමක් ලබාගෙන කම්බි ඇද ඔහු විසින්ම සකස් කරගත් විදුලි වැටෙහි අත් පැටළීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පෙරේදා (02) උදෑසන ඔහු විදුලිසැර වැදීමෙන් මියයන්නට ඇතැයි සැලකෙන අතර ඔහුගේ දේහය අසල්වාසීන් කිහිපදෙනෙකු විසින් සොයාගෙන තිබුණේ එදින පස්වරුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *