මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව මහියංගනය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදු වූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම ගිනි තැබීම සිදුකර තිබිණි.
සැකකරු අද (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව ද වාර්තා වෙයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ දිනයේදී ඔහු සිය බිරිඳ සමග මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින අතර එම ස්ථානයට ඇය ද කැටුව ගොස් ඇති බවය. එමෙන්ම තමන් අදාළ බස් රථයට ගිනි තැබූ බව ද ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පිළිගෙන තිබේ.
අනතුරුව මාධ්‍යවලින් තම රුව සහිත ඡායාරූප පළවීමත් සමග අදාළ සිදුවීම සිදුවූ දිනයේ හැඳසිටි ඇඳුම් සියල්ල ඔහු විසින් විනාශකර ඇති බවත් විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු පවසා තිබේ.