රජය චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල සිනොපෙක් නමින් සිය සේවා කටයුතු ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ පවසයි.
එය මෙරට ආරම්භ කළ පළමු සිනොපෙක් ඉන්ධන පිරවුම්හල වන අතර මේ අවස්ථාවට චීනයේ සිනොපෙක් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගී වීම විශේෂත්වයකි.
සිනොපෙක් ඉන්ධන හලින් ඉන්ධන ලීටරයක් ම සිපෙට්කෝ සහ IOC මිලට වඩා රු 3ක සහනයක් ද හිමි වීම විශේෂත්වයකි.
ඉදිරියේ දී පාරිභෝගික සේවා අවශ්‍යතාව අනුව ඉන්ධන පිරවුම්හලට සමගාමීව සුපිරි වෙළඳ පරිශ්‍රයක් ඉදි කිරීමට ද සැලසුම් කර තිබේ.