අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇස්වැසුම දීමනා ලබාගෙන ඇත්නම් එම ප්රතිලාභ දීමනා නැවත අයකර ගැනීමට නීති පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඇස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් අතරින් ප්‍රතිලාභීන් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල් හෙතෙම කීය.
පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (29) පැවැති මාධ්‍ය හමුවේදීය.