නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් සහ ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිසක් අද (25) හමු වී තිබේ.
ආණ්ඩුව දිගින් දිගට ම මැතිවරණ කල් දැමීම සහ ඊට එරෙහිව ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ එහි දී සාකච්ඡා කර තිබේ.
ඩිලාන් පෙරේරා, චරිත හේරත්, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු පිරිසක් ද පැලවත්ත ජවිපෙ ප්රධාන කාර්යාලයේ පැවැති මෙම හමුවට එකතු වූහ.