ඉදිරියේ දී එළඹෙන ඕනෑ ම මැතිවරණයක් සඳහා මුහුණ දීමේ සූදානමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
මේ වන විට ශ්‍රීලනිප රට පුරා ආසන මට්ටමින් රැස්වීම් තබන බවත් ජනතාව දහස් ගණනින් ඊට එකතු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.
පොහොට්ටුව මේ වන විට පෙති හැලී පරවී නැවත ගොඩගත නොහැකි තැනට පත්ව ඇතැයි ද නැවත මෛත්‍රී යුගයක් උදා වන්නේ දැයි බැලිය හැකි බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති රැස්වීමකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.