ඉන්දියාව හඳට යද්දි මිනිස්සුන්ට වැසිකිළි නෑ කියලා ගරහන කාලකන්නි ඒ රටේ නෑ…!

August 24, 2023 at 12:17 pm | by emanisa.lk

ලෝකයේ සඳ තරණය කළ 4 වැනි රට බවට ඉන්දියාව පත්වීම පිළිබඳ සතුටු වන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඉන්දියාව සඳතරණය සඳහා බිලියන ගණනක් වැය කරද්දි රටේ දුප්පතුන් ප්‍රමාණය, කුල ගැටුම්, වැසිකිළි නැති ගෙවල් ප්‍රමාණය, පාසල් නොයන දරුවන් ප්‍රමාණය ගැන කියමින් එම ජයග්‍රහණය අවප්‍රමාණය කොට කාලකන්නි සතුටක් ලබන සංස්කෘතියක් ඉන්දියාවේ නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

එහිලා ඉන්දියානු සිනමාව විශාල සේවයක් කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඉන්දියානු ජනතාව සියලු බෙදීම් අමතක කර ඉන්දියානු කොඩිය සෙවණේ එකතු සිටින බව ද අපේ තරුණ පරම්පරාව ද ඉන්දියාවෙන් උගත යුතු බව ද විමල් වීරවංශ පෙන්වා දෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *