දේවගැති ජෙරම් ප්රනාන්දු සමග ඕමල්පේ සෝභිත හිමි දැමූ ඩීල් එකේ වටිනාකම කීය දැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි විමසයි.
ජෙරම් ප්රනාන්දුගේ දෙමාපියන් අටපිරිකර රැගෙන ඕමල්පේ හිමිට වැඳ පුතුට සමාව ඉල්ලා ඇතැයි ද අධිකරණයට බයේ ඔහු රටින් පළා ගොස් ඇතැයි ද එහිමියන් සඳහන් කරයි.
ඕමල්පේ සෝභිත යනු ඩීල්කාරයෙකු මිස සම්බුදු සසුන ආරක්ෂා කිරීමට සිටින්නෙකු නොවන අතර ඉදිරියේ දී ජෙරම් නිවැරදිකරු යැයි වොයිස්කට් සපයනු ඇතැයි ද ප්රකාශ කළේය.
අරගලයට ගොස් සිංහල බෞද්ධ බලය අවසන් යැයි ප්රකාශ කළ සෝභිත හිමිට කන්න බොන්න නැත්නම් පිණ්ඩපාතේ වැඩම කොට හෝ ඉල්ලන මුදලක් ලබා දෙන බවත් සම්බුදු සසුන විනාශ නොකර සිටින ලෙස වැඳ ඉල්ලා සිටින බවත් බත්තරමුල්ලේ සීලරතන හිමි අවධාරණය කළේය.