අපට ඕන ලී ක්වාන් යූ වගේ නායකයෙක්…!

August 22, 2023 at 3:15 pm | by emanisa.lk

නායකයෙක් යනු බලය ලබා ගන්නා අයකු පමණක් නොව අපේ සමූහයේ වගකීම කරට ගෙන ජයග්‍රහණය තෙක් රැගෙන ගොස් එම ජයග්‍රහණය සම සේ බෙදා ගන්නට පාර තනා දෙන අයකු බව ජාතික ජන බලවේගයේ මහාචාර්ය වසන්තා සුබසිංහ පවසයි.

ඇය පෙන්වා දෙන්නේ තුන්වන ලෝකයේ රටක්ව පැවැති සිංගප්පූරුව ලොව පළමු පන්තියේ රටක් දක්වා ඔසවා තැබුවේ ලී ක්වාන් යූ බවයි.

අපේ නායකයින් මානව ගුණ ධර්මවලින් යුතු විය යුතු බවත් එවැනි නායකත්වයක් තමන් ගොාඩනඟා ඇති බවත් වසන්තා සුබසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.

ජාතික ජන බලවේග ගම්පහ සමුළුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *