ජල අර්බුදය උග්‍ර වෙයි…! තව මාස දෙකක් වැසි නෑ…!

August 21, 2023 at 6:38 pm | by emanisa.lk

ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ )ශිරෝමණි ජයවර්ධන සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට නැවත මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී බව ය.

සාමාන්‍යයෙන් අගෝස්තු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බව පැවසූ ඇය, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර එය ප්‍රබල වූ බව ද ප්‍රකාශ කළාය.

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ මේ මාසය අග නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව ද ශිරෝමණී ජයවර්ධන වැඩි දුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *