ජෙරම් ප්‍රනාන්දු සමාව ගන්න ඕන ඕමල්පේ හිමිගෙන් නොව බුදුන් වහන්සේගෙන්…! – ඇල්ලේ ගුණවංශ හිමි…

August 21, 2023 at 3:02 pm | by emanisa.lk

බුදුන් වහන්සේට අපහාස කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු කළ යුත්තේ ඕමල්පේ සෝභිත හිමි හමුවන්නට දෙමාපියන් එවීම නොව බුදුන් වහන්සේගෙන් සමාව ගැනීම යැයි කොළඹ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

මෙම ක්‍රියාව ලංකාවට බැණ ඉන්දියාවෙන් සමාව ගැනීම වැනි බවත් ජෙරම් ප්‍රනාන්දු මිස ඔහුගේ දෙමාපියන් බුදුන්ට අපහාස කළ බව වාර්තා වී නොමැති බවත් එහිමියන් කීහ.

මේ පිළිබඳ කතා කිරීමට පැමිණීමට ඉහළ තැන්වලින් යෝජනා කළ ද ඒ කිසිවෙකුට ධර්මායතනය පැත්ත පළාතේ නොපැමිණෙන ලෙස තමන් වහන්සේ දැනුම් දුන් බවත් ගුණවංශ හිමි සඳහන් කළේය.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා ඇත්තේ තමන් ඇතුළු ආගමික නායකයින් කිහිප දෙනෙකු බවත් සෝභිත හිමි එහි පාර්ශ්වකරුවෙකු නොවන බවත් එහිමියන් ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *