පොන්නම්බලම්ගේ කොළඹ නිවස ඉදිරිපිට විරෝධතා කර උතුරේ බෞද්ධ උරුමය රකිනවා…! – ගම්මන්පිල…

August 20, 2023 at 6:35 pm | by emanisa.lk

දකුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විඳින නිදහස උතුරේ තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ කොළඹ නිවස ඉදිරිපිට ලබන සතියේ විරෝධතාවක් පවත්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

කුමාර් පොන්නම්බලම් එම පවුලේ කොළඹ ජීවත් වන තෙවන පරම්පරාව බවත් ඔවුන්ට නිදහසේ ජීවත් වන්නට දකුණේ කිසිදු හිරිහැරයක් නොමැති බවත් උදය ගම්මන්පිල සඳහන් කරයි.

පොන්නම්බලම්ලා කොළඹ සියලු සැප සම්පත් භූක්ති විඳිමින් සිංහලයින් සමග ජීවත් වෙමින් උතුරට ගොස් ජාතිවාදය වපුරන බවටයි, ඔහු චෝදනා කළේ.

වසර 2200ක් පමණ පැරණි ඓතිහාසික කුරුන්දි රජමහ විහාරය හින්දු කෝවිලක් බව ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ කුමාර් පොන්නම්බලම්ලා සිදු කරන හිංසනය හෙළා දකින බවත් උදය ගම්මන්පිල වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *