කොන්දොස්තරලා දවසකට ලක්ෂ 100ක් හොරකම් කරනවා…! ලංගමය පාඩු ඒකයි…! – ප්‍රවාහන ඇමැති…

August 20, 2023 at 12:19 pm | by emanisa.lk

ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලංගම පාඩු ලැබීමට මෙය ප්‍රධානතම හේතුවක් බවයි.

එම වංචා පාලනය කිරීම සදහා ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරයි.

ලංගම බස් රථයකට ගොඩවූ පසු අනිවාර්‍යයෙන්ම ප්‍රවේශ පත්‍රයක් ලබාගන්න ලෙසත් ප්‍රවේශ පත්‍රයක් නොලැබුණහොත් ඒ පිළිබඳ නව ක්‍රමය හරහා පැමිණිලි කරන ලෙසත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *