ජවිපෙට මෝල්ටාවෙන් පඩිසන් දුන්නේ දිට්ඨධම්මවේදනීය කරුමේ…!

August 19, 2023 at 6:51 pm | by emanisa.lk

මේ රටේ දියුණුව උදෙසා මාර්ග, වරාය, ගුවන්තොටුපළ ගොඩනඟද්දි ඒ සියල්ල කළේ හොරකම් කිරීම සඳහා යැයි බොරු කියමින් ජන මනස දූෂණය කළේ ජනතා විමුක්ති පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

සාගර කාරියවසම් පවසන්නේ සීයට තුනේ කල්ලිය මේ රටේ විදේශ විනිමය කෝටි ගණනින් මෝල්ටාවේ තැන්පත් කර අධික ලාභ ලබමින් විශාල වංචාවක් බවට චෝදනා කරන්නේ ඔවුන් සමග ම කලක් දේශපාලනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවයි.

එම චෝදනා හැකි නම් ඔප්පු කරන ලෙස අභියෝග කළ විට ඒවා ඔප්පු කළ යුතු නැති බවත් ජනතාව ඒවා සත්‍ය බව දන්නා බවත් ජවිපෙ ප්‍රකාශ කළ බව ද සාගර කාරියවසම් සඳහන් කළේය.

මෙම බොරු සමාජගත කරමින් රාජපක්ෂලා කෙරෙහි වෛරය පැතිර වූ පිරිසට දැන් දිට්ටධම්මවේදනීය කර්මය පඩිසන් දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ මැද කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *