කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පිරිසක් පැමිණ එහි පිළිම තැන්පත් කරවීමට කටයුතු කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි. මෙහි දී එහි කඩා වැදුණු පිරිස භික්ෂූන් වහන්සේලාට “එළියට බැහැපන්” (වෙලිය පෝඩා) යැයි කියමින් තර්ජනය කරනු දැකගත හැකි විය.
අනතුරුව පොලීසිය මැදිහත් වී කුරුන්දි විහාරාධිපති හිමියන් එම ස්ථානයෙන් ඉවත් කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේය.