13 බලාත්මක කරන්න කතෝලික සභාවේ ආශීර්වාදය ලැබෙනවා…! – වතිකානු තානාපති…

August 16, 2023 at 11:36 am | by emanisa.lk

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩෙයිග්වේ පියතුමා පැවසීය.

මෙය සංහිඳියාව ඇති කිරීමට හොඳ ම අවස්ථාව බව ද ඒ සඳහා පියවර ගැනීම පිළිබඳ බලධාරීන්ට ස්තූති කරන බව ද එතුමා කීය.

ජනාධිපතිවරයා යෝජනා කළ වැඩපිළිවෙළ මගින් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත් ඊයේ (15) පැවති මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙයට එකතු වෙමින් එතුමා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *