වෛද්‍යවරු රට අතහැර යන්නේ මැයි 09 භීෂණය නිසයි..! බදු නිසා නෙමෙයි…! – බන්දුල..

August 15, 2023 at 7:26 pm | by emanisa.lk

පසුගිය වසරේ 09 සිදුවීම නිසා රටේ විද්වතුන්ට හා වෘත්තිකයින්ට රට පිළිබඳ විශාල අවිශ්වාසයක් ඇති වී තිබෙන බව අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

මෙලෙස පහර දී ගෙවල් ගිනි තබා ජනාධිපතිවරුන් පන්නා දමන්නේ නම් සිය දරුවන්ට කුමක් වේදැයි ඔවුන් භීතියට පත්ව ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

බියෙන් සැකෙන් තොරව රටේ ජීවත් විය හැකි බවට විශ්වාසය ඇති වුවහොත් බුද්ධි ගලනය නතර වනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ (15) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

වෛද්‍යවරුන් රට අතහැර යාම පිළිබඳ අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *