දරුවා වැටී මිය ගියේ අධික වේගයෙන් බිහි වූ නිසයි…! – රෝහල් අධ්‍යක්ෂ…

August 15, 2023 at 12:29 pm | by emanisa.lk

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතියේ දී බිළිඳෙකු වැටී මිය ගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදකින් නොවන බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර පවසයි.

මව ප්‍රසූතිය සඳහා ඇඳට දමන අවස්ථාවේ ම ප්‍රසූතිය සිදුව ඇති බවත් ගර්භාෂයෙන් ඇති වූ තෙරපීිමට සිරව තිබූ දරුවාගේ හිස නිදහස්ව පෙකනි වැල ද කඩා ගෙන දරුවා අධික වේගයෙන් විසිව ගොස් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ඒ අවස්ථාවේ දරුවා අල්ලා ගැනීමට උත්සාහ කළ ද අවාසනාවන්ත ලෙස එම අවස්ථාව ගිලිහී ඇතැයි ද දුලාන් සමරවීර සඳහන් කරයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, එය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක් යැයි කිව නොහැකි බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *