ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී වන ජනහමු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (13) මොරටුවේ දි පැවති ජනහමුව පැවති භූමිය STF සමාජිකයින් විසින් සහ පොලිස් සුනඛයින් යොදා පරික්ෂා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබේ.
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වූ පාර්ශ්වයකින් එල්ල වන තර්ජන නිසා අනුර දිසානායකට මෙලෙස විශේෂ ආරක්ෂාවක් ලබා දීමට රජය කටයුතු කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.