13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට සූදානම් වන විට එම ජනවරම ලද ගෝඨාභය රාජපක්ෂ නිහඬව සිටීම පිළිගත නොහැකි බවයි.
69 ලක්ෂයක ජන වරමක් හිටපු ජනාධිපතිවරයාට ලැබුණේ රටේ ඒ්කීයභාවය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒ්ම සඳහා බව ද වර්තමාන ජනාධිපතිවරයා එම ජනවරමින් ඉන්දියාව අප මත බලහත්කාරයෙන් පැටවූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ කරන බව ද චන්න ජයසුමන සඳහන් කළේය.