දකුණු පළාතට විදුලිය ලබාදීම සඳහා ප්‍රධාන විදුලි ජාලය හා සම්බන්ධ කිරීමට බාධාවක් වී පැවති ඉඩමේ ගැටලුව අද(11) දින විසඳී තිබේ.
රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඇති එම ඉඩමේ හිමි ආටිගල පවුල කිසිදු මුදල් අයකිරීමකින් තොරව ඊට අවසර ලබා දී ඇත.
මහජන උපයෝගීතා කොමිසම මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡාවක දී මෙම අවසරය ලබාදී ඇත.
ඒ අනුව තව දින හයක් ඇතුළත ප්‍රධාන විදුලි පද්ධතිය හා දකුණු පළාත සම්බන්ධ කෙරෙනු ඇති අතර ඉන් අනතුරුව බාධාවකින් තොරව දකුණු පළාතට විදුලිය ලබාදීමට හැකියාව ලැබෙයි.
පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන අධිබල සම්ප්‍රේෂණ විදුලි රැහැන් පද්ධතිය වසර අටක කාලයක් තිස්සේ සම්බන්ධ කිරීමට නොහැකි වූයේ මීටර් 600ක පමණ වන මෙම පෞද්ගලික ඉඩම සම්බන්ධ වූ ගැටලුව මතයි.