දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ ඇතුළු අන්තර් සමාගම් සේවක සංගමයේ හය දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.