උඩවළව ජලාශයෙන් වගා කළ කුඹුරු සඳහා ජලය ලබා නොදී සිටියේ එහි වගා කටයුතු සඳහා 75%ක පමණ වියදමක් දරා අවසන් වූ පසු යැයි ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.
බණ්ඩි ගොඩයමට නිසි ලෙස ජලය ලබා නොදුන් විට ගොයම විනාශ වන බව ද හෙතෙම ප්රකාශ කළේය.
රට සහල් හිඟ වන විට රටින් ගෙන එන්නට ආණ්ඩුවක් උවමනා නැති බවත් පිටකොටුව දෙවන හරස් වීදයේ වෙළඳුන් ටික ඒ සඳහා ප්රමාණවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට වගාවෙන් 40%ක් විනාශ වී ඇති බවත් දැන් පිදුරුවලට වතුර දමා ගොයම් හැදිය නොහැකි බවත් අනුර දිසානායක සඳහන් කළේ අද(08) පාර්ලිමේන්තුව අමතමිනි.