මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත.
මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකි.