පාසල් වාර විභාග තුනේ ක්‍රමය අවසන්..! මින්පසු අවුරුද්දට ම විභාග එකයි..!

August 6, 2023 at 4:40 pm | by emanisa.lk

2024 වසරේ සිට පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එහෙත් සෑම පාඩමක් අවසානයේම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා, වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, පාසැල් බෑගයේ බර අඩු කිරීම සඳහා ඉදිරියේ දී එක් පාසැල් වාරයක් සඳහා එක වැඩපොතක් වන සේ වාර තුන සඳහා පාසැල් වැඩපොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *