13 බලාත්මක කරලා තිබුණා නම් කුරුන්දි විහාරය දැන් කෝවිලක්…! – ගම්මන්පිල…

August 5, 2023 at 5:57 pm | by emanisa.lk

10 වන ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ සඳහන් වන්නේ ලංකාවේ පද්මාකාර චෛත්‍ය නොමැති බව යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

කෙසේ වුව ද 2020 ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ කුරුන්දි විහාර දාගැබ පද්මාකාර චෛත්‍යයක් බව 2023 වසරේ දී අනාරවණය වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කොට පැවතියේ නම් එම කැනීම් කටයුතු සිදු කළ යුතු වන්නේ උතුරු පළාතේ සී.වී. විග්නේෂ්වරන් මහ ඇමැති යටතේ පවතින උතුරු පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පව පෙන්වා දෙන ගම්මන්පිල, එවැනි තත්ත්වයක් තුළ මෙම පුරාවස්තුව සංරක්ෂණය කිරීම සඳහා අවස්ථාවක් නොලැබෙනු ඇති බව ද අවධාරණය කරයි.

කුරුන්දි විහාරය සිංහල අට්ඨකතා ග්‍රන්ථාරූඪ කළ ස්ථානය බවත් එම දාගැබ ලංකාවේ දැනට හඳුනා ගෙන ඇති කබොකින් කළ විශාලතම චෛත්‍ය බවත් උදය ගම්මන්පිල සඳහන් කරයි.

කෙසේ වුව ද එම ස්ථානය ජාතික වශයෙන් වැදගත් ද නැද්ද යන්න තීන්දු කිරීමේ බලය උතුරු පළාත් සභාවට හිමි වන බවත් දැනටමත් විහාරයේ ගල් කණුවක් ශිව ලිංගයක් බව ප්‍රකාශ කරමින් එය කෝවිලක් බවට පත් කිරීමට සටන් කරන පිරිසක් එය කිසිසේත් බෞද්ධ උරුමයක් ලෙස පැවතීමට ඉඩ නොදෙනු ඇති බවත් හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

හිරු බලය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *