නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ කොමිසමෙන් දැනුම් දීමක්…!

August 5, 2023 at 5:12 pm | by emanisa.lk

විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ, මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි.

මේ වසරේ දී තෙවන වරටත් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ වසරේ යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *