ශ්‍රී ලංකාවට බුද්ධාගම ගෙන එන ලද බෞද්ධයාගේ ප්‍රධානතම බෞද්ධ උරුමයන් සහිත මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කිරීම වැරදි සහගත ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
විහාරස්ථානයේ විදුලිය බිල ගෙවා නොමැති නම් එය කොටස් වශයෙන් හෝ ගෙවීමට අවකාශ සලසන ලෙස තමන් විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරී ඇති අතර ඒ ගැන ද සලකා බලා මෙරට පළමු බෞද්ධ කේන්ද්‍රස්ථානය වන මිහින්තලා පුදබිමේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ යුතු බව තමන්ගේ මතය යැයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.