මිහින්තලා පුදබිමේ සංචාරය සඳහා පැමිණි ප්රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක හුළු අතු පත්තු කර ගෙන මිහින්තලා කන්ද තරණය කිරීමට ඊයේ (03) රාත්රී සිදුව තිබේ.
ඊයේ (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබේ.
කෙසේ වුව ද මෙම සංචාරක පිරිස මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර ඇති බව එම ස්ථානයට පැමිණෙන තුරු නොදැන සිටි බව ද වාර්තා වෙයි.