චක්‍රලේඛ අහෝසි කරන්නේ නෑ..! වර්ජන තර්ජනයට මුහුණ දෙන්න සූදානම්..! – සෞඛ්‍ය ලේකම්…

August 2, 2023 at 12:12 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසයි.

ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර ඇති බවත් එම නිසා එම චක්‍රලේඛය අහෝසි කිරීමට අවශ්‍ය නොවන බවත් රාජ්‍ය නිලධාරීන් ඊට අනුගතව කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ඊට ඒරෙහිව හෙට (03) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළහොත් ඒ තත්ත්වයට මුහුණදීමට සූදානමින් සිටින බවද සෞඛ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *