රටට දුන් ණයවලට මොකද වුණේ බලන්න…! – අනුර ජාත්‍යන්තරයෙන් ඉල්ලයි…

July 31, 2023 at 8:27 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දීම පිළිබඳ සියලු ම රටවලට තම ප්‍රශංසාව හිමි වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යම් රාජ්‍යයක් සහාය දෙනවා නම් අපි ඒකට ප්‍රශංසා කරනවා. නමුත් ඒ හැම රටකින්ම අපි ඉල්ලා හිටිනවා – අද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හේතුවුණේ මොකක්ද, එම ලබාදීපු ණය අදාළ ව්‍යාපෘතිවලට යොදවා නොමැතිකම.

ඒ නිසා තමයි විගණකාධිපතිවරයා කියන්නේ රුපියල් කෝටි ලක්ෂ 8ක් වන ණයවලින් රුපියල් කෝටි ලක්ෂ 2ක තමයි වත්කම් තිබෙන්නේ කියලා. සියයට විසි පහක.

ඒ නිසා ඒ රටවලට ණය ප්‍රතිව්‍යුහගත කරනවා වගේම තමන් දීපු ණයවලට මොකක්ද වුණේ කියලා පරීක්ෂා කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.”

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *