කුරුන්දි පුද බිමෙන් මා එළවන්න හදනවා…! – කුරුන්දි විහාරාධිපති හිමි…

July 30, 2023 at 8:23 am | by emanisa.lk

උතුරේ සිටින අන්තවාදී පිරිස් විසින් මුලතිව් කුරුන්දි විහාරයෙන් තමන් වහන්සේව පන්නා දමා එහි අයිතිය ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට කුරුන්දි විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පවසයි.

එම අන්තවාදී පිරිස් තමන් වහන්සේට නින්දා අපහාස සිදු කරමින් ජීවිත තර්ජන එල්ල කරමින් සිටින බවට ශාන්තබෝධී හිමි පෙන්වා දෙයි.

සිංහල ජනතාව උතුරු පළාතේන් පන්නා දැමීමට අන්තවාදී දේශපාලකයන් විසින් මේ වන විට මෙහෙයුමක් දියත් කරමින් සිටින බවට ද උන්වහන්සේ චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *