අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද (27 ) උදෑසන සිට ඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
ඇල්ල පොලිසිය සඳහන් කරන පරිදි මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු (77) පුද්ගලයෙකි.
කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්රථම පැමිණ පෝලිමක රැඳී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.