පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් සඳහන් කරයි.
පළාත් සභාවලට ඇති සෙසු බලතල ලබාදීම පිළිබඳව කටයුතු කරන ආකාරයට නිර්දේශ ලබා දීමට කමිටුවක් පත් කිරීමටත් ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව ද හෙතෙම පැවසීය.
ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලට පොලිස් බලතල තිබුණ ද පොලිසියට අවි ආයුධ නොමැතිව බැටන් පොලු පමණක් ලබා දී බවත් එම පොලිස් නිලධාරීන්ට ඇත්තේ සාමාන්‍ය සිවිල් රාජකාරි බවත් පැවසූ මන්ත්‍රීවරයා, ඒ ආකාරයෙන් පොලිස් බලතල ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පැවසූ බවත් කියා සිටියේය.
විග්නේශ්වරන් මෙම අදහස් පළ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.