රජයේ අනුමත ණය සිමාව රුපියල් බිලියන 8,000කින් ඉහළ නැංවීමේ සූදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
මෙතෙක් රජයේ ණය ගැනීමේ සීමාව රු. බිලියන 4979ක් වූ අතර රජය අයවැයෙන් අනුමත කළ ණය සීමාවට වඩා කිහිප ගුණයකින් ණය සිමාව ඉහළ දැමීමේ අරමුණු මොනවාද යන්න අපහැදිලි බවයි, මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.
මේ නිසා රටේ ණය ප්‍රමාණය නැවත වරක් දෙගුණ වීමේ අවධානමක් ඇති බව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේය.