රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යෑම සඳහා තව දුරටත් මුදල් නොදීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කාරණය ප්‍රසිද්ධියට පත් කෙරුණු බවත් මේ අනුව කැබිනට් මණ්ඩලය එම යෝජනාව සඳහා අනුමැතිය දී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රටක් හැටියට ඉදිරියට යනවා නම් රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යෑමට මහා භාණ්ඩාගාරයට මුදල් දීමක් තවදුරටත් කළ නොහැකි බවත් අනාගතයේදී ඇති වන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතු බවත් සේමසිංහ වැඩි දුරටත් කීවේය.