ඇමැති ධූර බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සඳහා දීමනා සහ වාහන සමග ඇමැති ධූර හා සමාන තනතුරු ලබා දීමට ආණ්ඩුව යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වුව ද අදාළ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් ඇමැති ධූර හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ කරුණ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථා දෙකක දී අදාළ මන්ත්‍රී පිරිස සඳහා ආරාධනා කළ ද ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ. එසේ ම අදාළ මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයින්ට දීමනා සහ වාහන සමග තනතුරු ලබා දීමට ආණ්ඩුව කළ යෝජනාව ද ප්‍රතික්ෂෙප කර ඇත.
ව්‍යවස්ථාව අනුව තවත් ඇමැති ධූර 8කට අධික ප්‍රමාණයක් පත් කළ හැකි වුව ද ජනාධිපතිවරයා ඊට එකඟව නොමැත. මේ අතර පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක ආණ්ඩුව පෙරළා දැමීමට මෙම පොදුජන පෙරමුණු මන්ත්‍රී පිරිස සැලසුම් කරමින් ඇතැයි ද වාර්තා වෙයි.