බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ඈ වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කර ඇත.
ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණි.