නිවුන් දරු උපතට රෝහල්ගත කළ මව තුන් නිවුන්නු සමග මරුට…!

July 5, 2023 at 12:28 pm | by emanisa.lk

තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 36 හැවිරිදි මවත් දරු තිදෙනාත් මිය ගොස් තිබේ.

ඇය විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් පසුව ඇති අතර ඇයගේ සැමියා වන අමිල සමරවීර පවසන්නේ රෝහලේ නොසැලකිල්ල නිසා මෙම මරණය සිදුව ඇති බවත් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

මේ සම්බන්දයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රණවීර පවසන්නේ නූපන් දරුවන් සහ මව මියගියේ රෝහලේ වරදින් නොවන බවයි. මෙය පෞද්ගලික රෝහලක ඩිම්බ තැන්පත් කර සිදුකළ නළදරු ගැබ්ගැන්වීමක් බවත් මවත් දරු තිදෙනාත් බේරා ගැනීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය විශාල පරිශ්‍රමයක් දැරූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *