විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අද (30) පස්වරු 12.30ට රැස්වීමට නියමිතය.
විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අනුව විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙනු ඇති අතර නව ගාස්තු හෙට (01) සිට ක්රියාත්මක වනු ඇත.
මෙම විදුලි බිල සංශෝධනය නියමාකාරයෙන් සිදු කරන්නේ නම් 20%කට වැඩි පමණ මිල අඩු වීමක් සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ.