නිවන කියන්නේ සල්ලියි, BMW එකයි..! බෞද්ධ දර්ශනේ කියන්නේ සැප විඳින්න..! මම සිටුවරයෙක්..!වනවාසී රාහුල හිමි…

June 26, 2023 at 1:20 pm | by emanisa.lk

වයස අවුරුදු 10 දී පමණ මහණ වූ තම වයස 35 වන තුරු අනුන්ගේ පන්සල්වල දුක් වින්ද බව ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසයි.

එයින් අනතුරුව තමන්ට කියා වැටී සිටින්නට තැනක් උවමනා නිසා නාමල් උයන නිර්මාණය කළ බවයි, උන් වහන්සේ සඳහන් කළේ. පයින් ඇවිදිමින් දුක්ඛිත ජීවිතයක් ගත කළ තමන් අද BMW රථයක ගමන් බිමන් යන බව ද පැවසූහ.

ගිහියෙක් වුවත් පැවිද්දෙක් වුවත් සැප විඳිය යුතු බව බෞද්ධ දර්ශනය යැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළ රාහුල හිමි, ඉන්න තැනක් වියදමට මුදල් සහ හොඳ වාහනයක් උවමනා බව ද කීය.

මෙම සම්පත් සියල්ල ලැබීම නිවන බව ද එහිමියෝ ප්‍රකාශ කළහ. ජනතාව එකතු වී සම්පත් ගොඩගසමින් භික්ෂුව නම් බදු නොගෙවන සිටුවරයෙකු ගොඩනඟන බවත් තමන් ද සිටුවරයෙකු බවත් රාහුල හිමි ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *