එක් එක් පුද්ගලයින්ට උවමනා ආකාරයට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
තමන්ට ගැටලුව ඇත්තේ ආයෝජන ගෙන ඒමෙහි නොව සඳහා එළඹෙන ගිවිසුම් පිළිබඳ විනිවිදභාවයක් නොතිබීම බවයි, ඔහු සඳහන් කළේ.
ඒ සඳහා විධායකය යටතේ ව්‍යවස්ථාදායකයට වග කියන ආයතනයක් හැදිය යුතු බවත් ඇමැති ජනපති ඉවත් වන විට අක්‍රීය වන කමිටුවලින් පලක් නොමැති බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
කිසියම් පුද්ගලයෙකුගේ පක්ෂයක හෝ කණ්ඩායමක හෝ අභිලාෂ නොව සමස්ත ජනතාවගේ අභිලාෂ මුදුන්පත් වන ආකාරයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බව හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් කීය.