ගෙවල් ගිනි තියන්න මාධ්‍ය ආයතනවලට ලයිසන් දෙන්න ඕන ද…?

June 18, 2023 at 8:40 am | by emanisa.lk

විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත ගෙන එන්නෙ‍ෙඑක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා ඇති මාර්ගෝපදේශ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එවිට කිසියම් මාධ්‍යයක් මගින් කිසිවෙකුට හානියක් සිදුවුවහොත් චරිතයට හානියක් සිදු වුවහොත් එම ආයතනයට පැමිණිලි කළ හැකි බවයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එවැනි අවස්ථාවක බොහෝ දෙනාට මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු කීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එක්තරා මාධ්‍ය ආයතනයක් ජනතාව කුපිත කර සිය නිවස ගිනි තබා විශාල විනාශයක් කළ බවත් එවැනි අයිතියක් මාධ්‍ය වෙත ලබා දිය යුතු දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

මහ පාරේ යන මිනිහෙකුට රුපියල් දහසක් ලබා දුනහොත් එවැනි අයිතියක් මාධ්‍ය වෙත ලබා දිය යැයි ඔහු ප්‍රකාශ කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *