රටේ ණය කන්ද තවත් ඉහළට…! මුල් මාස තුනට බිලියන 07ක් ණය අරන්…!

June 16, 2023 at 11:51 am | by emanisa.lk

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.853කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි.

2022 වසර අවසන් වන විට ඩොලර් බිලියන 84.703ක් පැවැති රටේ සමස්ත ණය ප්‍රමාණය මාර්තු මාසය වන විට ඩොලර් බිලියන 91.561 දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය දෙසැම්බර් මස ඇමරිකානු ඩොලර් බිලියන 40.12ක් වූ දේශීය ණය ප්‍රමාණය මාර්තු මස වන විට ඩොලර් බිලියන 46.89ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකු වාර්තා අනුව මාර්තු අවසන් වන විට ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.09ක් විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *