වැසිකිළි වළක් කැපුවත් පුරාවිද්‍යා ප්‍රශ්න දානවා…! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහලා දාන්න…!

June 14, 2023 at 3:30 pm | by emanisa.lk

මේ රටේ වැසිකිළි වළක් කැපීමට ගිය ද පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නිසා ගැටලු මතු වන බව එජාප නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

පුරාවිද්‍යා ඉඩම් ආරක්ෂා කළ යුතු වුව ද ඒවා නවීන ලෝකයට ගැළපෙන මුදල් අපයන ආකාරයට දියුණු කළ යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යල්පැන ඇති බැවින් ඒ වෙනුවට නව ආයතනයක් පිහිටුවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.

පුරාවිද්‍යාව යනු සිංහල බෞද්ධ ජාතිවාදය නොවන බව ද අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ කතාවක් අල්ලා ගෙන පිරිසක් සුපුරුදු අවස්ථාවාදී දේශපාලනයට සූදානම් වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *