පසුගිය දිනවල ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබුණේ ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන ඇනවුම් නොකිරීම සහ අනෙකුත් ඉන්ධන හල් අවම තොග පවත්වාගෙන නිසා යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ඛනිජ තෙල් සංස්ථාව සමඟ ගිවිසුම් ගතවීමේදී අනුගමනය කළයුතු කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව ද ඇමැතිවරයා ට්විටර් සටහනක් තබමින් කියා සිටී.
කෙසේ වෙතත් ඊයේ (04) වන විට සියලු ම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදුන් බව ද ඇමැතිවරයා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන තොග සියයට පනහක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.
ඉන්ධන පෝලිම් නතර කිරීම සඳහා සති අන්තයේ ද ඉන්ධන තොග සපයන ලෙස ද ඇමැතිවරයා විසින් ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී තිබුණි.